Enter a 9 or 10 digit Sri Lankan phone number to search

Search Results

Found 2 results for "0785314037"

0785314037

Scam
එක්තරා ගමක සිටි ගොවිමහතෙකුට විවාහවන වයසේ පසු වන ඉතා රූමත් දියණියක් විය.

ඇයව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ ඒ ගමෙහිම සිටි හැඩිදැඩි තරුණයෙක් ඒ බව ගොවියා වෙත ගොස් පවසා සිටියා.
ගොවියා ඔහු දෙස ටික වෙලාවක් බලා සිට මෙසේ කීවා,
"පුතා, ඔයාට මගේ දුවව විවාහ කරගන්න ඕනිනම් පොඩි පරීක්ෂණයකින් සමත් වෙන්න සිද්ධ වෙනවා.
ඒ තමයි මම ගොන්නු තුන්දෙනෙක් නිදහස් කරනවා. ගොන් තිදෙනාගෙන් ඕනෑම එකෙකුගේ වලිගය ඔබට අල්ලා ගත හැකි නම්, ඔබට මගේ දුවව විවාහ කරගත හැකී"
එම පරීක්ෂණයට එකපයින්ම කැමති වූ මෙම තරුණයා ගොවියා සමගින් ඔහුගේ ගොවිපලට ගොස් පළමු ගොනා නිදහස් කරන තුරු බලා සිටියා.

මේ අතරතුර ගොවියා ගාල වෙත ගොස් පළමු ගොනාව නිදහස් කලා..

තමා මෙතෙක් දැක ඇති විශාලතම, නපුරු පෙනුමැති ගොනා ගාලේ දොර පසුකරමින් තමාවෙත දිව එනවා දුටු තරුණයා, මීළඟ ගොනුන් දෙදෙනාගෙන් එකක් මෙයට වඩා අසීරූ නොවේවි යැයි සිතා වහාම වැටෙන් ඉවතට පැන ගොනාට තණබිම් හරහා යාමට ඉඩ දුන්නේය.
දෙවන ගොනා සදහා ආයෙත් ගාලේ දොර ඇරුණා.
පළමු ගොනාටත් වඩා විශාල හා නපුරු ගොනෙකු පිටතට දිව ආවේය.
ජීවිතයේ මෙතරම් විශාල හා දරුණු කිසිදාක දැක නොතිබූ තරුණයා මීළඟ ගොනා මොන වගේ වුවත්, එය මෙයට වඩා නිසැකවම හොඳ තේරීමක් විය යුතුයි සිතා වහාම වැටෙන් පිටතට පැන දෙවන ගොනාටද තණබිම් හරහා දිව යාමට ඉඩ දී බලා සිටියා.
අවසාන වශයෙන් ගොවියා තුන් වන ගොනා සදහා ද ගාලේ දොර විවර කලා.
මේ වතාවේදි නම් තරුණයාගේ මුහුණ විශාල සතුටකින් පිරීගියා.

ඒකට හේතුව තමයි මෙවර පැමිණියේ ඔහු මෙතෙක් දැක ඇති දුර්වලම හා කුඩාම ගොනා වීම.
මෙවර නම් ඉතා පහසුවෙන් තම අභියෝගය ජයගත හැකි බව සිතූ තරුණයා ගොනා දිවඑන විට, නිවැරදිව ස්ථානගත වී ගොනාගේ වලිගය අල්ලා ගැනීමට සූදානම් විය.
නමුත් මෙවර ගොනාට වලිගයක් නොතිබුණි!!
ජීවිතය අවස්ථාවන්ගෙන් පිරී පවතී.

ඉන් සමහර අවස්ථා අපට ඉතා පහසුවෙන් ලබාගන්නට පුලුවන් වුවත්, ඇතැම් ඒවා ඉතා දුෂ්කර ද වනු ඇත.
නමුත් අවස්ථාවන් මගහරිමින් ඉදිරියේදි වඩාත් හොද අවස්ථාවන් ලැබේයැයි බලාපොරොත්තු වීම, අපගේ සාර්ථකත්වය නිසැකවම සීමාකරයි.
මන්ද අප විසින් මගහැරගත් අවස්ථා නැවත කිසිදා ලබා ගත නොහැකි නිසාවෙනි.

එබැවින් ජීවිතයේ ලැබෙන සෑම අවස්ථාවක්ම මගහැරගන්න එපා..

ඔබට ජය....

උපුටාගැනීමකි.

ගෞරවය ලිපියේ මුල් හිමිකරුට ❤️🌷
Reported on April 22, 2025

0785314037

Scam
කුකුළු මස්වලට සම කළ හැකි මුං මස් වෑංජනයක් එක්ක කැකුළු හාල් බතක් බඩ පැලෙනකම් කතහැකියි. එහෙමයි එදා ගමේ උදවිය කිව්වේ. එදා හදපු මුං මස් කරිය අද මෙහෙම හදලා බලමු.

මේ සඳහා මුං මිශ්‍රණයට මුං ඇට ග්‍රෑම් 200ක්, කරපිංචා, සුදුලූනු බික් 3-4ක්, තළාගත් බී ලූනු ගෙඩි 1ක්, තළාගත් අමු මිරිස් කරල් 2ක්, ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

කරිය සැකසීම සඳහා ඉඟුරු සුදුලූනු පේස්ට් ස්වපයක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු, අමු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, ගොරකා කෑලි 3ක්, චොප්කරගත් ලූනු ටිකක්, උළුහාල් ස්වල්පයක්, සූදුරු ස්වල්පයක්, මිටිකිරි කෝප්ප 1ක්, බැදපු තුනපහ කුඩු ටිකක් සහ රම්පේ කෑල්ලක් අවශ්‍යයි.

මෙය සැකසීමේදී මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කර ගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාලා හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙන විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.

තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ලූනූ, ඉඟුරු සුදුලූනූ පේස්ට් එක දාලා තෙම්පරාදු කර ගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.

මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරලා ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරාගන්න. කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගානට කරිය හිටින්න හින්දගෙන ළිප ඕෆ් කරගන්න.

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න
විදුමිණි දිසාකරුණා
#සප්පායම
Reported on April 19, 2025